තුන්වැනි කොරෝනා එන්නත් මාත‍්‍රාව දීම අත්හිටුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සංවර්ධිත රටවලට ඉල්ලීමක්

646

දුගී රටවලට ලබා දීම සඳහා කොරෝනා මර්දන එන්නත් ඉතිරි කරගැනීමේ අරමුණින් සිය වැසියන්ට තුන්වැනි කොරෝනා එන්නත් මාත‍්‍රාවක් ලබා දීමට ගෙන ඇති තීරණය ලබන සැප්තැම්බර් මස අවසානය දක්වා අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවර්ධිත රටවල්වලින් ඉල්ලීම් කර තිබේ .

 ඊශ‍්‍රායලය ,ජර්මනිය ඇතුළු සංවර්ධිත රටවල් ගණනාවක් විසින් වත්මන් ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදයෙන් සිය ජනතාව ආරකෂා කිරීමේ අරමුණින් දැනට කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙන ඇති සිය වැසියන්ට තුන්වැනි අමතර කොරෝනා එන්නත් මාත‍්‍රාවක් (බුස්ටර්) ලබා දීමට සැළසුම් සකස් කර තිබේ .මෙසේ තුන්වැනි එන්නත් මාත‍්‍රාව ලබා දීම අත්හිටුවීමෙන් සැම රටකම එන්නත් කර නොමැති ජනගහණයෙන් සියයට 10කට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක විශේෂඥ වෛද්‍ය ටෙඞ්රෝස් ඇඞ්හනම් ගෙබ්‍රේයේසුස් මහතා පවසයි.සංවර්ධිත රටවල් විසින් තුන්වැනි කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රාවක් සිය වැසියන්ට ලබා දීමට පියවර ගතහොත් දුගී රටවල පවතින කොරෝනා එන්නත් හිඟය තවත් උග‍්‍ර වනු ඇති බව පෙන්වා දෙන වෛද්‍ය ටෙඞ්රෝස් පවතින අඩු කොරෝනා එන්නත් සැපයුම හේතුවෙන් අඩු ආදායම්ලාභී දුගී රටවලට සිය ජනගහණයෙන් සෑම 100 දෙනෙකුටම ලබා දීමට හැකි වී ඇත්තේ එම එන්නත් මාත‍්‍රා 1.5ක් වැනි සුළු ප‍්‍රමාණයක් බව අවධාරණය කර සිටියි.

විදෙස්‌ පුවත් සංස්‌කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment