නවසීලන්ත අගමැතිනියගේ විවාහ උත්සවයට කොවිඩ් හරස්වෙයි

227

නවසීලන්ත අගමැතිනි ජිසින්ඩා ආඩන් සිය විවාහ උත්සවය ‘ඔමික්‍රෝන්’ පැතිරීම නිසා අවලංගු කර දමා ඇත.

නව කොවිඩි රැල්ලක් පැතිරීම නිසා යළිත් එරට දැඩි සීමා පනවා තිබේ.

විවාහ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සියයේ සිට 25 දක්වා පහළ දමා තිබේ.

නවසීලන්තයට පනවා ඇති දැඩි සීමා ඉරිදා රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වනු ඇත.

එක්දරු මවක වන නවසීලන්ත අගමැතිනිය රූපවාහිනි නිවේදක ක්ලාක් හේෆොඞ් සමග විවාහවීමට නියමිතව සිටියහ. ඇය 41 හැවිරිදි වියේ පසුවේ. 2013 සිට ඇය රූපවාහිනි නිවේදකයා ඇසුරු කරන අතර ඇගේ දියණියගේ පියා වන්නේද ඔහුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment