මහින්දට බෑ වාසු කියයි

743

තවදුරටත් දේශපාලන මැද මාවතේ නායකත්වය දැරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

උත්තර ලංකා සභාගයේ කුරුවිට සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු එසේ කීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.

මැද මාවතේ නායකයා මහින්ද රාජපක්‍ෂ ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ. කොහෙද බැසිල් ඉන්නේ, ඔහුත් ඉන්නේ රනිල් එක්ක. තවදුරටත් මැද මාවතේ කොඩිය අරගෙන යන්න මහින්දට බැහැ. ඇයි? අධිරාජ්‍යවාදයේ බලපෑම් හා අධිරාජ්‍යවාදයට විරුද්ධව මතුවීගෙන එන ආසියානු බලය නිසයි ඒ. මේ දෙක අතර ගැටුම එමින් තිබෙනවා. දැන් ඉතිං මැද මාවතේ අය තීන්දුකරන්න ඕනෑ කොහෙද යන්නෙ කියා. ඒ නිසා මැද මාවතත් ඔසවාගෙන යන්න වෙලා තියෙන්නේ අපිට.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment