කලෙයිකූරා ‘නිරුවත්’ සිද්ධියේ නිවාස දෙකක් කුඩු, දෙදෙනකුට තුවාල – කාන්තාවන් 25ක් ඇතුළුව 33ක් අත්අඩංගුවට

434

යාපනයේ පුතූර් කලෙයිකූරා ගම්මානයේ නිවාස දෙකකට පහර දී පොලිස් නිලධාරියකු ඇතුලු තවත් දෙදෙනකුට තුවාල සිදු කිරීමේ හා භාණ්ඩ ගිනි තැබීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම ගම්මානයේ කාන්තාවන් 25ක් ඇතුළුව පුද්ගලයින් 33 ක් අච්චුවේලි පොලිසිය විසින් 29 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස තුනකට පමණ ඉහතදී කලෙයිකූරා ගම්මානයේ කාන්තවකගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර් ජාලයට මුදා හළ බවට එම ගමේ තරුණයන් දෙදෙනෙකුට එරෙහිව අච්චුවේලී පොලිසියට පැමිණිල්ලක් දමා තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරුවලින් පසුව කෝපයට පත් පිරිසක් චූදිත තරුණයන් දෙදෙනාට පහර දී නිවාස දෙකට හා භාණ්ඩවලට හානි සිදු කොට තිබේ.

මේ සිද්ධියේදී එක් තරුණයකුට අයත් යතුරුපැදියක්ද ගිනි තබා විනාශ කොට තිබේ. මෙම ප්‍රහාරය සඳහා කලෙයිකූරා ගම්මානයේ කාන්තාවන් ඇතුළුව පනහකට අධික පිරිසක් පැමිණ ඇති අතර එම ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කළ ගම්මානයේ පදිංචි පොලිස් නිලධාරියකුටද කාන්තාවන් විසින් පහර දී තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ එම පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා යාපනයේ අච්චුවේලි රෝහලට ඇතුළත් කොට තිබේ

පිරිස විසින් පහරදීම නිසා ගම්මානයේ තරුණයන් දෙදෙනාද බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනාද අච්චුවේලි රෝහලේ ප්‍රතිකාර ලබයි.

අච්චුවේලි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් පසුව 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment