ආයතන 69 කට අධිභාර බදු වදී

308

බද්ධ පාර්ලිමේන්තු දාන්න පෙර විකල්ප යෝජනා සලකා බලන්න – වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයි

සියයට 25 අධිභාර බද්ද ක‍්‍රියාත්මක කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ව්‍යාපාර අංශ විසින් ඉදිරිපත් කරන ලද විකල්ප යෝජනාද සලකා බලන ලෙස වාණිජ මණ්ඩල රජයෙන් ඉල්ලීමක් කරයි.

මෙසේ ව්‍යාපාරික අංශවල විකල්ප යෝජනා සලකා බැලීමෙන් මේ බද්ද හරහා පෞද්ගලික අංශය මත වන පීඩනය අවම වන ආකාරයට රජයට බදු ආදායම් ඉලක්ක සපුරා ගත හැකි බවද වාණිජ මණ්ඩල පෙන්වා දෙයි.

මේ අනුව ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ මෙම අධිභාර බදු කෙටුම්පත නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි. තම මණ්ඩලයේ සාමාජික අදහස් හා බදු සඳහා වන තාක්‍ෂණික මෙහෙයුම් කමිටුවේ මඟපෙන්වීම මත සකස් කළ යෝජනා පසුගිය ජනවාරි මාසයේදී රජයට ඉදිරිපත් කළ බවද ලංකා වාණිජ මණ්ඩලය කියයි.

සියලූම බදු ගෙවන්නන් මත සියයට 10ක බදු අධිභාරයක් පැනවීම, ආදායම් බදු ගෙවීමේ හැකියාව මත පදනම්ව අනුක‍්‍රමික බදු අධිභාරයක් පැනවීම, බදුභාර සඳහා හිලව් කිරීම සහ මෙම බද්ද ඉදිරි බදු වර්ෂයේ සිට බලාත්මක කිරීම වැනි යෝජනා ලංකා වාණිජ මණ්ඩලය විසින් රජයට ඉදිරිපත් කර තිබේ. මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසන්නේ මේ අධිභාර බද්දට යටත් වන ආයතන හා පුද්ගලයින් 69 දෙනකු හඳුනාගෙන ඇති බවයි. එම ආයතන 69 සඳහා ගණන් බැලූ විට රු. බිලයන 105ක් (රු.කෝටි 10,500ක්) අධිභාර බද්දෙන් රැස්කරගත හැකි බව හඳුනාගෙන ඇති බව මුදල් ඇමැතිවරයා පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment