නඩු භාණ්ඩ පාර්සල් 12000ක් රස පරීක්ෂක ළඟ ගොඩගැහිලා

86

නිලධාරීහු 4ක් රට යති

වැඩ ඉබි ගමනේ

රජයේ රස පරීක්ෂක කාර්යාලයේ රස පරීක්ෂක වාර්තා ලබාදීම පමාවීම නිසා දිනෙන් දින ඒවා ගොඩගැසෙමින් තිබියදීත් එහි නිලධාරීන් හතරදෙනකු විදේශගතව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම තත්ත්වය මත රස පරීක්ෂක වාර්තා අධිකරණය වෙත නිකුත්කිරීම ඉබි ගමනින් සිදු වෙන අතර පරීක්ෂණවලට යොමු කළ යුතු නඩු භාණ්ඩ අඩංගු පාර්සල් 12,000 ක පමණ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව රජයේ රස පරීක්ෂක කාර්යාලය පවසද්දී මෙම පාර්සල්හි මත්ද්‍රව්‍ය, ලේ තැවරුණු රෙදි කැබලි, හිස කෙස් ආදිය ඇතැයි ද රස පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.

රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමට හේතුව ඊට පළපුරුදු නිලධාරීන්ගේ හිඟය බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment