පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය – ශ්‍රී ලංකාව සහ යේමනය දෙවැනි තරගය අද

61

පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තීරණාත්මක තරගය කොළඹ තුරඟ තරග පිටියේදී අද (17 වැනිදා) ප.ව. 3.00 ට යේමනය සමග ආරම්භ වීමට නියමිතය.

සෞදි අරාබියේ දී පැවති දෙරට අතර පළමු තරගය ශ්‍රී ලංකාව

ගෝල් 3-0 ක් ලෙස පරාජය වීම මත දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් අද තරගයේ දී ශ්‍රී ලංකාව ගෝල් 4-0 කින් අනිවාර්යෙන්ම යේමනය පරාජය කළ යුතුව ඇත.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට හර්ෂ ප්‍රනාන්දු නම් කොට තිබූ නමුදු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අද තරගයට සහභාගි නොවන බව කණ්ඩායමේ පුහුණුකරු ඇන්ඩි මොරිසන් ඊයේ (16 වැනිදා) කොළඹ පාපන්දු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය. ඒ අනුව පෙර තරගයේ දී නායකත්වය දැරූ චරිත රත්නායකම අද තරගයේ දී ද නායකත්වය දරනු ඇත. පුහුණුකරු ඇන්ඩ් මොරිසන් සහ නායක චරිත රත්නායක මාධ්‍ය හමුවට සහභාගි වී සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment