චීනය ඉන්දීය ක්‍රීඩිකාවන් තිදෙනකුට ආසියානු තරගාවලිය තහනම් කරයි

2085

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට පැමිණි ඉන්දීය ක්‍රීඩා කණ්ඩායමේ සිටි වූෂු ක්‍රීඩිකාවන් තිදෙනකුට තරගාවලියට සහභාගි වීම චීන බලධාරීන් විසින් තහනම් කර තිබේ. මේ හේතුවෙන් අදාළ ක්‍රීඩිකාවන් තිදෙනාට ආසියානු ක්‍රීඩා තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.

අදාළ ඉන්දීය ක්‍රීඩිකාවන් තිදෙනාට ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම චීනය විසින් තහනම් කර ඇත්තේ ඔවුන් චීනය විසින් එරටට අයත් බව කියන ඊසානදිග ඉන්දීය ප්‍රාන්තයක් වන අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන බැවිනි. එම ප්‍රාන්තය චීනය විසින් හඳුන්වනුයේ දකුණු ටිබෙටය වශයෙනි. චීන බලධාරීන් විසින් සිය ක්‍රීඩිකාවන් තිදෙනකුට තරගාවලියට ඇතුළු වීම තහනම් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment