ගමන්බිමන් අපහසු අයට නිවසටම ඇවිත් එන්නත ලබාදෙයි

89

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටගෙදර ග‍්‍රාම සේවා වසමේ මද්දේගෙදර වතුයායේ පදිංචි 92 හැවිරිදි නාරායන්සාමී පෙරුමාල් මහතා වයස් ගතවීම හේතුවෙන් හරිහැටි ඇවිද ගැනීමට වත් නොහැකි තත්ත්වයක සිටින නිසා කටුගහහේන ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතාගේ මැදිහත්වීම මත එම තැනැත්තාගේ නිවසටම ගොස් සයිනොෆාම් එන්නත ලබාදීමට කටයුතු කෙරිණි. මෙම අවස්ථාවට හෙද නිලධාරිනි පියුමි නිසංසලා, හෙද සහායක ඩබ්ලිව්. ඒ. ලක්මාල්, වැලිපැන්න පොලිසියේ ප‍්‍රජා හා පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක අනිල විතාන, පො. කො. ගයන්ත, ග‍්‍රාම නිලධාරිනී මනෝරි මංගලිකා කොටගෙදර සුබසාධන සමිතියේ සභාපති කේ. විජේසිරි යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ. එම අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

විල්සන් විජේරත්න – ඉත්තෑපාන

මතුගම

advertistmentadvertistment
advertistmentadvertistment