කල්පිටිය මුහුදේ යාත්‍රාවක මත්පෙති ලක්ෂ 6ක්

137

සැකකරුවෝ දෙදෙනෙක් සහ යාත්‍රාව අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙහි රැගෙන ඒමට තැත් කළ මත්පෙති පන්ලක්ෂ හැත්තෑ දහසක තොගයක් සැකකරුවන් දෙදෙනකු හා ඩිංගි යාත්‍රාව ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඩිංගි යාත්‍රාව තුළ ඇසුරුම් දහයක මෙම මත්පෙති සඟවා තිබී ඇත. සැකකරුවන් නොරොච්චෝලේ පදිංචිකරුවන් බව හෙළි වී තිබේ.

මෙම මත්පෙති තොගය හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ.

මෙම මත් පෙති ගෙන්වීමේ ජාවාරම පිටුපස තවත් ප්‍රබල හස්තයක් ඇත්දැයි සෙවීමට දැන් විමර්ශන පැවැත්වේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment