නිට්ටඹුව නගරයේ ATM යන්ත්‍රයක් කඩා ලක්ෂ 76ක් උස්සලා

617

නිට්ටඹුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා එහි තිබූ රුපියල් හැත්තෑහය ලක්‍ෂයකට අධික මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම සොරකම සිදුවී ඇත්තේ ඉකුත් 16 වැනිදාය. ටෙලර් යන්ත්‍රයේ තැන්පත් කර තිබූ මුදල්වල අඩුවක් තිබෙන බව බැංකු නිලධාරීන් දැනගෙන ඇත්තේ පෙරේදා (18 දා) බැංකු කටයුතු ආරම්භ කිරීමෙන් පසුවය.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බැංකුවේ ආරක්‍ෂකයන් ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු ගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇත.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment