ජේසුගේ අවසන් විනිශ්චය

73

සත්‍ය වූ දෙවියන්ගේ සත්‍යතය වූ ශුද්ධ වූ කිතු දහම සම්පත සොයන වන්දනා සංස්කෘතියකට ජනගත කරගෙන දේව ජනතාව අතරමං කර ඇත්තේය. අද කල්වරියේ මහ සිකුරාදා වැලපීමේ දිනයක් කර ඇත්තේය. පාද නමස්කාරය, කුරුසිය සිප ගැනීම පමණක් සැබෑ කිතු දහම නොවන්නේය. ජේසු දේශනා කළ දහම තුළ ජීවත් වීමේ අසීරු ඉලක්කය නිසා වඩා ලෙහෙසි පහසු විනෝද ජනක වන්දනාවේ කිතු දහමක් නිර්මාණය කර ඇත්තේය. ජේසු කතා කළ බෙදා හදා ගැනීම සියලු ධන සම්පත් නැති බැරි අය අතරේ කැප කිරීම අද කිතුනුවන්ට වහකදුරු මෙන් තිත්තය.

දිනෙන් දින කිතු දහම වත්පිළිවෙත් ජන වන්දනා වන්දනා චාරිකා ඉස්මතු කරගෙන සැබෑ කිතු දහමේ දේව රාජ්‍යය සොයා යන ගමනේදී අතරමං වී, මං මුලා වී ලෞකික වස්තුන් ලෞකික සම්පත් කරා වේගයෙන් හඹා යමින් ජේසුගේ කුරුසියේ යාගයේ ශ්‍රීලේ වැපිරීම පාස්කු නාට්‍යයකට, පාද නමස්කාරයකට කෘත්‍රිම කල්වාරි කඳු ගැටයකට සීමා කර ඇත්තේය. ජේසු කුරුසියේ ජීවිත පූජා කර මානව සංහතිය ජන්ම පාපයෙන් මුදා ස්වර්ගීය විමුක්තියට යන මඟ දේශනා කළ සේක. ශුද්ධ වූ බයිබලයේ දේව වාක්‍යය කිතුණුවන්ගේ දේව රාජ්‍යය කරා යන ගමන් මාර්ගය වන්නේය. නමුත් වර්තමානයේ ශුද්ධ වූ බයිබලයේ ශුද්ධ වූ කිතුණු වදන් තුළින් ජේසු දේශනා කළ කිතු දහම අක්‍රීය කළෝ කවුරුන්ද?

කිතුණු අපගේ දිවි ගමනේ අවසන් විනිශ්චය ගැන ජේසුගේ ශ්‍රී වාක්‍යයේ හඬ මෙසේ මානව සංහතියට ජනගත වන්නේය. මනුෂ්‍ය පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩ හිඳින සේක. එවිට උන්වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට සාප ලද්දෙනි, මාවෙතින් ඉවත් වී යක්ෂයාට සහ ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාකාලික ගින්නට යන්න. මන්ද මම සෘගිනම් සිටියෙමි.

ඉතුරු කොටස ලබන සතියේ

ජෝ. සංගපාලආරච්චි
පමුණුගම

advertistmentadvertistment
advertistmentadvertistment