මැයි මාසයේ දින 21 ට – ඩෙංගු රෝගීන් 5967 ක් – මේ වසරේ මෙතෙක් මරණ 23 ක්

71

පවතින තත්ත්වය හමුවේ මැයි මාසයේ ගතවූ දින 21 (ඊයේ දක්වා) තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 5967 දෙනකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එමෙන්ම මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ දක්වා දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 35,675 දෙනකු වාර්තා වන බවත්, ඩෙංගු මරන 23 දක්වා ඉහළ නැඟ ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛi ළහිරු කොඩිතුවක්කු මහතා ‘දිවයින’ට පැවසීය.

මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාව 8035 ක් බවත් හෙතෙම කීය. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7465 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2153 ක්ද වාර්තා වන බව ඒ මහතා සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment