මහීෂ් සහ මතීෂගේ චෙන්නායි අවසන් හතරට

426

මෙවර අයිපීඑල් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වූයේය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා පැවති තරගයේ දී ලකුණු 77 ක පහසු ජයග්‍රහණයක් ලබමින් චෙන්නායි ක්‍රීඩකයෝ එම අවස්ථාව උදාකර ගත් අතර මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි කණ්ඩායම මූලික වටයේ මුහුණදුන් අවසාන තරගය එය වූයේය.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ද අවසන් කණ්ඩායම් හතර අතරට පත් වීමට සමත් වූයේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම ලකුණු 223 ක් ලබා ගත් අතර දිල්ලි කණ්ඩායම ලකුණු 149 කට සීමා විය.

මතීෂ පතිරණ මෙම තරගයේදී ලකුණු 22 කට කඩුලු දෙකක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ ද ලකුණු 23 කට කඩුලු දෙකක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment