පකිස්තානයේ රිස්වාන්ගේ ශතකය පලස්තීනයට

3233

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නා ද වන මොහොමඩ් රිස්වාන් ඉකුත් අඟහරුවාදා (10දා) ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමග පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ඔහු විසින් ක්‍රීඩා කළ ජයග්‍රාහී ඉනිම යුද්ධයෙන් පීඩා විඳිමින් සිටින පලස්තීනයට අයත් ගාසා තීරයේ වැසියන් වෙනුවෙන් කැප කරන බව පවසා ඇතැයි පකිස්ථානයේ පලවන දිනපතා පුවත්පතක් වන “ඩේලි පකිස්ථාන්” පුවත්පත වාර්තා කර තිබේ. තමන් පලස්තීන ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින බව පවසා ඇති 31 හැවිරිදි රිස්වාන් යුද්ධය නිසා පීඩා විඳින ගාසා තීරයේ ජනතාවට සිය සහය ලබා දෙන බව පවසා තිබේ.රිස්වාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ජාල ගිණුමක සටහනක් තබමින් සිය ඉනිම ගාසා තීරයේ සිටින සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැප කරන බව සඳහක් කර ඇත. ශ්‍රී ලංකා පිල හා පකිස්ථාන පිල අතර ඉකුත් අඟහරුවාදා ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පැවති ක්‍රිකට් තරගයේදී රිස්වාන් නොදැවී ලකුණු 131 ක් රැස් කර ගත්තේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment