මිලියන 27කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නේවි දැලේ

47

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 27කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 91 කට අධික තොගයක් මන්නාරම, වලෙයිපාඩු මුහුදු වෙරළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුමක් නිසා ජාවාරම්කරුවෝ මෙම කේරළ ගංජා තොගය මුහුදු වෙරළට දමා පලාගොස් ඇති බව නාවික හමුදාව ස`දහන් කරයි. කේරළ ගංජා රැුගෙන එන ලද බවට සැක කෙරෙන වල්ලම් දෙකක්ද නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර වල්ලම් දෙකම නාවික හමුදා බාරයේ තබාගෙන කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කොට තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment