පුම්බුහාර් දුම්රිය  අනතුරින් පසු  කෝච්චියට  පහර දී විරෝධතා: මරණ 6ක් වුණත් තවම ගේට්ටුවක් නෑ!

831

ගල්කිස්සේ යන කෝච්චිය  පැය 1 1/2ක් ප්‍රමාද වෙයි

යාපනයේ අරියාලේ පුම්බුහාර් ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී තරුණයකු දුම්රියක ගැටී මියයෑමත් සමගම කුපිත වූ ප්‍රදේශවාසීහු දුම්රියට ගල් ගසා නතර කොට දුම්රිය මාර්ගය හරස් කරමින් 30 දා විරෝධතාවයක නිරත වූහ.

පුම්බුහාර් දුම්රිය  අනතුරින් පසු  කෝච්චියට  පහර දී විරෝධතා: මරණ 6ක් වුණත් තවම ගේට්ටුවක් නෑ!

මෙම අනාරක්ෂිත ස්ථානයට දුම්රිය ගේට්ටුවක් ලබා දෙන ලෙස වසරකට වඩා වැඩි කාලයක් ප්‍රදේශවාසීන් දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මේ දක්වා එය ඉටුවී නැත. එම ස්ථානයේදී ඊට පෙර සිදු වූ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් හයදෙනකුම මියගොස් ඇති බව ද ප්‍රදේශවාසීහු පැවසූහ.

දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදු වී ඇති බව කියමින් පිරිස විරෝධතාවයක නිරත වීම නිසා කන්කසන්තුරයේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර අති සුඛෝපභෝගී දුම්රිය පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද විය.

පුම්බුහාර් දුම්රිය  අනතුරින් පසු  කෝච්චියට  පහර දී විරෝධතා: මරණ 6ක් වුණත් තවම ගේට්ටුවක් නෑ!

පොලිසිය හා දුම්රිය නිලධාරීන් එම ස්ථනායට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව දුම්රියට ගමන් කිරීමට ජනතාව ඉඩ ලබා දුන්හ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරියාලෙයි නාවල්අඩි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මරියදාස් අරවින්දන් නමැත්තෙකි.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment