උසස් පෙළ ගැන දැනුවත් කිරීමක්

739


හෙටින් (04දා) ආරම්භ වන උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙසේ කීය-

මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු භාෂාව. ඒ විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ පුංචි වෙනස්කම් කිහිපයක් සිදුකරන්නට වුණා. ඒ නිසා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පෙර පැවති කාලසටහන පාවිච්චි කරන්නට එපා. ඒ වගේම කිසිදු වෙනත් තොරතුරකට යන්න අවශ්‍ය නෑ. ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම එකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රයද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. එය ප්‍රමාණවත්. ඔබ වෙන කිසිදු දෙයක් සොයන්නට අවශ්‍ය නෑ.

ඒ වගේම සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අවසන් මොහොත වෙනතුරු ඉන්න එපා. තමන්ගේ මධ්‍යස්ථානයට යන්න බාධාවක් තියෙනවා දැයි සොයා බලන්න. එහෙම තියෙනවා නම් ළඟම තියෙන කලාප කාර්යාලයටල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික අංකයට කතා කරලා විභාගයට යන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න.

advertistmentadvertistment
advertistmentadvertistment