හේමාස් අවුට්රීච් පදනම ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි

141

හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප‍්‍රජා සත්කාර අංශය වන හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය (AYATI National Centre for Children with Disabilities) එක් වී, පසුගියදා රාගම පිහිටි ආයති මධ්‍යස්ථානයේදී ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරන ලදි.

එක සේ සලකමු සමාජ සත්කාර වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුළදී ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ට හඬක් දීම ඉලක්ක කරගත් නව ගීතයක් දොරට වැඞීමද සිදුකෙරිණි. එක සේ සලකමු වැඩසටහනේ ඉලක්කය වන්නේ, ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින්, පුරවැසියන් ලෙස සමාජය තුළ ඔවුන්ට හිමිවිය යුතු නිසි පිළිගැනීම ලබාදීමය.

advertistmentadvertistment
advertistmentadvertistment