යූනියන් ඇෂුවරන්ස් සමාගම ‘Pinnacals Sri Lanka 2022′ සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ එකම රක්ෂණ සමාගම බවට පත්වෙයි

88

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, පසුගියදා පැවති ‘Pinnacals Sri Lanka 2022’ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස ඇගයීමට ලක් විය.

එම සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලැබූ එකම රක්ෂණ සමාගම යූනියන් ඇෂුවරන්ස් සමාගම වීම විශේෂත්වයකි. පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශය මෙන්ම සේවා විශිෂ්ටත්වය හේතුවෙන් මෙම ඇගයීම යූනියන් ඇෂුවරන්ස් වෙත හිමි විය. සම්මාන උළෙල සංවිධානය කළි ‘MUGP Award Organisation’ ආයතනය, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් සමීක්ෂණයකින් අනතුරුව මෙම සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.

“මේ සම්මානය හිමි වීම අප ලද මහත් සතුටක් සහ ගෞරවයක්. මෙය හිමි වුණේ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීමට අප දක්වන උනන්දුව හා කැපවීම නිසයි. මෙහි ගෞරවය, යූනියන් ඇෂුවරන්ස් සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා මෙන්ම, අපගේ සේවාවන් තුළින් මූල්‍යමය රැකවරණය ලබන ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා වෙත හිමි විය යුතුයි කියා අප සිතනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment