අනුරාධපුරයේ පාසලක සිසුන් සංඛ්‍යාව ඉහළට – දරුවන්ට මානසික ආතතිය

151

අනුරාධපුර නගර සීමාවේ ක්‍රියාත්මක පාසල් අතුරින් තනි පාසලක පාසල් දරුවන් 4000 සිට 6000 දක්වා සිටීම දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම මානසික ආතතියට හේතුවක් වී තිබේ.

අනුරාධපුර නගර සීමාවේ ඇති සියලුම පාසල් නියාමනය කර, එම නියාමනයන් කඩ කරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර මහනගර සභා ආඥා පනතට අනුව නීතිමය පියවර (අධිකරණ) ගන්නා බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ සඳහන් කරයි.

එමෙන්ම සනීපාරක්ෂක පහසුකම් සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පැවතීම ද දරුවන්ට ඍජුවම බලපාන්නකි.

විශේෂයෙන්ම පන්ති කාමරයක සිටිය යුතු ළමයි සංඛ්‍යාවට වඩා සිටින අතර ළමයි පනහකට (50) වැඩියෙන් පවත්වාගෙන යන පාසල් ද ඇත.

මේ දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට මෙන්ම ඇස් පෙනීමේ දුර්වලතා ඇති කිරීමට බලපාන ආලෝකය, පිරිසිදු වාතාශ්‍රය නොමැතිවීම, ළමුන් තෙරපීම තුළ මානසික ආතතිය ඇති වීම ආදිය ප්‍රධාන තැනක් ගනියි.

සනීපාරක්ෂ පහසුකම් අතර වැසිකිළි කැසිකිළි ආදී අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොවී තිබීම ද ගැටලුවක් බව නාගරික කොමසාරිස්වරයා පෙන්වා දෙයි. සමහර පාසල්වල කාන්තා වැසිකිළි තුළ දොරවල් පවා නොමැති බව තවදුරටත් ඔහු සඳහන් කරයි.

මූලික අදියර යටතේ පාසලේ විදුහල්පතිවරයා හෝ විදුහල්පතිවරිය දැනුවත් කර අඛණ්ඩව සිදුකරන පසු විපරමකින් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.ි

කළුන්දෑගම – චාමර වික්‍රමආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment