ඩුබායි මහ කුඩ්ඩෝ යුරෝපයට පැන යති

4422

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් සමගම එම ජාවාරම්කරුවන් ඩුබායි රාජ්‍ය අතහැර යුරෝපය ඇතුළු තවත් රටවල් කීපයකට පලා යමින් සිටින බවට තොරතුරු වාර්තාවී ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ධනවත් ව්‍යාපාරිකයන්ගේ වෙස්ගෙන ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව අසර්බයිජානය, එංගලන්තය වැනි රටවලට මෙසේ පලා යමින් සිටින බව වාර්තා වෙයි. මොවුන් මෙසේ පලා යෑමට තෝරාගෙන ඇත්තේ පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගත හැකි රටවල් මෙන්ම විදේශිකයන් වැඩි පරීක්‍ෂාවට ලක් නොවන රටවලට බවද හෙළිවී ඇත.

ඩුබායි රාජ්‍ය එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමග සාකච්ඡා කර මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට රාජතාන්ත්‍රික මට්ටමින් ආරම්භ කර ඇති අතර ඒ බව සැලවීමත් සමගම මොවුන් මෙසේ වෙනත් රටවලට පලා යමින් සිටින බවද වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment