අන්තරේ පාගමනට කොළඹදී කඳුළුගෑස් ජල ප්‍රහාර!

462

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෘත්තීය සමිති සංවිධාන එක්ව ක්‍රියාත්මක කළ විරෝධතා පාගමනට ඊයේ (30 දා) සවස මරදාන ඩීන්ස් පාරේදී පොලිසිය ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගැනිණි. මෙහිදී විරෝධතාවයේ යෙදුණු 20 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උණුසුම් තත්ත්වය හමුවේ දිවගිය පිරිසෙන් 10 දෙනකු පමණ ඇදවැටී තුවාල ලබා තිබේ.

විරෝධතා පාගමනට පොලිසිය එල්ල කළ නින්දිත ප්‍රහාරය හෙළා දකින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු “දිවයින”ට පැවසීය.

අන්තරේ පාගමනට කොළඹදී කඳුළුගෑස් ජල ප්‍රහාර!
අන්තරේ පාගමනට කොළඹදී කඳුළුගෑස් ජල ප්‍රහාර!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, විශ්වවිද්‍යාල සිසුන් ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමය, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන්, බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතා පාගමන ඊයේ (30 දා) සවස 3.00 ට පමණ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ඇරඹිණි.

දෙදහසකට අධික පිරිසක් විරෝධතා පාගමනට එක්ව සිටියහ.

ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් භික්‍ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත යන තිදෙනා නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කිරීම, රනිල් රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු, ජන අයිතීන් වෙනුවෙන් සටන් වදිනු, පැහැර ගැනීම් සිරගත කිරීම් නවතන,ු සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු යන කරුණු 4 මුලික කරගෙන මෙම විරෝධතා පාගමන පැවැත්විණි.

අන්තරේ විරෝධයෙන් ටවුන්හෝල් අවට උණුසුම් වී…

අන්තරේ පාගමනට කොළඹදී කඳුළුගෑස් ජල ප්‍රහාර!
අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් නිදහස් කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් ඊයේ (30 දා) මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල සිට ලිප්ටන් වටරවුම දක්වා ගමන් කළ අතර එම පෙළපාලිය සෞඛ්‍ය අමාත්‍යාංශය අසලදී කඳුළුගෑස් හා ජල ප්‍රහාර යොදා ගනිමින් පොලිසිය විසින් විසුරුවාහැරි අයුරු හා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගිය අයුරු. ඡායාරූප – කමල් බෝගොඩ

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ගමන් ඇරඹු විරෝධතා පා ගමන මරදාන ටෙක්නිකල් හන්දිය, පිටකොටුව, හරහා කොටුවට පැමිණියේය.

මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසල පොලිසිය, කැරලි මර්දන ඒකකය සහ ජල බවුසර් රථ ආදිය ස්ථානගත කර තිබෙනු දැකගත හැකි විය.

මෙහිදී කතා කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු මෙසේ පැවැසීය.

අන්තරේ පාගමනට කොළඹදී කඳුළුගෑස් ජල ප්‍රහාර!

මේ විරෝධතාව පවත්වන අපි ත්‍රස්තවාදියෝ නොවෙයි. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. අපි මේ අරගල කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. ත්‍රස්තවාදී පනත් ගෙනැල්ලා මෙව්වා නවත්වන්න බැහැ. පවුල් ලක්‍ෂ 86 ක් වේල් තුනක් කන්න බැරිව ඉන්නවා. රටේ ජනතාවට ජීවත්වෙන්න විදිහක් නැහැ. රටේ ජනතාවට කන්න බොන්න දෙන්න, ජීවත්වෙන්න සුදුසු පරිසරයක් හදල දෙන්න, රටේ ජනතාව ඉල්ලන්නේ මේක. එහෙම ඉල්ලන ජනතාව මර්දනය කරන්න හදනවානම් රනිල් ඇතුළු ආණ්ඩුව ගෙදර යවන්න පෙළගැහෙනවා. රටේ අර්බුද විසඳන්න බැරි ආණ්ුවක් වැඩක් නැහැ.

රටේ සෑම දරුවෝ තුන්දෙනකුගෙන් එක් අයකු මන්දපෝෂණයෙන් පෙළෙනවා.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ මරදාන ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි.

කමල් බෝගොඩ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment