අර්ධ සුඛෝපභෝගී බස් 430 ක බලපත්‍ර අහෝසි කිරීම වළක්වමින් අතුරු තහනමක්

126

අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430 ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය හා එහි සාමාජිකයන් 28 දෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු 28 වැනිදා පවත්වන බව දැනුම් දුන් අභියාචනාධිකරණය එදින ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු වගඋත්තරකරුවන් 33 දෙනකු වෙත නොතිසි නිකුත් කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment