යකඩ අශ්වයන් මුහුණට මුහුණ ගැටී දෙදෙනෙක් එතැනමයි

170

යාපනයේ අරාලි – වඩුක්කෝඩෙයි මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීම නිසා යාපනය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරියකු හා තවත් අයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම 29 දා මියගොස් තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරියා සිය නිවසේ සිට රාජකාරී සඳහා යතුරුපැදියෙන් ගමන් ගමන් කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිය සමග මුහුණටමුහුණ ගැටී තිබේ.

සිද්ධියේදී මියගිය හෙද නිලධාරියා යාපනය ශික්ෂණ රෝහලේ සේවය කරන මහේෂ්වරන් මයුරන් (37) නමැති අයෙකි.

හෙද නිලධාරියාගේ යතුරුපැදියේ ගැටීමෙන් පසුව අනෙක් යතුරුපැදිය පදවා ගෙන ගිය ජයසුන්දරම් සරෝජන් (29) නමැති අය මියගොස් යතුරුපැදියේ පිටුපස වාඩි වී සිටි රාජදුරෙයි සූරියකුමාර් (29) නමැත්තා තුවාල ලබා තිබේ.

තුවාලකරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. මනිපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment