‘සන්ෆලවර්’ ලීඩ් තත් නිහඬ වෙයි

137

අපිට ලොකු පාඩුවක් නෙල්සන් වාස්

ඇහැලියගොඩ නගරයේ පසුගිය 19 දින සිට පැවැත්වෙන සංගීත ප්‍රසංග මාලාවකදී පැවැති ප්‍රසංගයට දායක වූ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත චන්ද්‍රසිරි (අවු 36 ) ප්‍රසංගය අවසානයේ ආහාර ගැනීමට ගොස් සිටියදී ඊයේ (29දා) අළුයම 2.00ට පමණ ඇතිවූ හෘදයා බාධයකින් මිය ගොස් ඇත.

කණ්ඩායමේ සියළු ශිල්පීන් සමග ආහාර ගැනීමට ගොස් සිටියදී හදිසියේ බිමවැටී ඇති අතර, ඇහැලියගොඩ

මූලික රෝහලට ඇතුලත් කල බවත් ඔහු පරීක්ෂා කල වෛද්‍යවරු ඒ වන විටත් මිය ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත. අවුරුදු එකහමාරක දියණියකගේ පියෙකු වන මිය ගිය වාදන ශිල්පි චලන පියුමාල් සන්ෆල්වර් කණ්ඩායම සමග වසර දහයකට වඩා කාලයක් කටයුතු කල බවත්, ඔහුගේ අභාවය සිය කණ්ඩායමට දැරිය නොහැකි විශාල පාඩුවක් බව සන්ෆලවර් සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු වන නෙල්සන් වාස් “දිවයින” සිනමාකලා වෙත පැවසීය.

වසරේ අවසාන සතියේ ‍සන්ෆලවර් කණ්ඩායම ප්‍රසංග රාශියක් භාරගෙන ඇති බවත් චලනගේ හදීසි වියෝවෙන් ඇතිවූ කම්පනය නිසා කිසිවක් තීරණය කර ගැනීමට නොහැකි වී ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

ඇහැලියගොඩ උපාලි ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment