කැනඩා කතට අතවර කළ ඇල්ලේ තෙරපිවරයා අත්අඩංගුවට

3267

ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී 58 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ බව කියන තෙරපිවරයකු ඊයේ (12 දා) උදේ අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටින මෙම විදෙස් ජාතික කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිට ඇත. ඇය එහිදී ඇල්ල-පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබේ.

ඇය එහිදී සම්බාහනය ලබාගන්නා අවස්ථාවේ සැකකාර තෙරපිවරයා අතවර කළ බවට ඇල්ල පොලිසියට ඇය පැමිණිලි කර තිබේ. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පෙරේදා (11 දා) රාත්‍රි සිට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබූ මොහොතක 34 හැවිරිදි සැකකරු ඊයේ

(12 දා) උදේ පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවැසීය.

මේ පිළිබඳව ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment