රට යන අය වෙනුවෙන් වර්ජන මැදත් රස පරීක්ෂක වැඩ

89

රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වූවන් විදේශ ගත වන පුද්ගලයින්ගේ සහතික නිකුත් කිරීම සඳහා ඊයේ (03දා) රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබූ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ජේ. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු මුළුමනින්ම නවතා තිබුණත් විදේශ ගත වන පුද්ගලයින්ගේ අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

පාලකයින් සහ පරිපාලකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර දැමීම සඳහා මේ වනවිට අසාර්ථක උත්සාහයක නිරතව සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment