විමල්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ජූලි 18 වැනිදා

33

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයකදී සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන ජූලි 18 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (03 දා) දින නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ තෙවන, සිව්වන හා පස්වන සාක්ෂිකරුවන් වෙත සිතාසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment