ලංගම බස් ගාස්තු හරි අඩු කරන්න – මගී හිමිකම් සුරැකීමේ සංවිධානය

91

බස් ගාස්තුව පෞද්ගලික බස් හිමිකරුවන්ට අඩු කිරීමට නොහැකි නම් රාජ්‍ය අංශය යටතේ පවතින ලංගම බස් ගාස්තුව හෝ වහා අඩු කළ යුතු බව මගී හිමිකම් සුරැකීමේ සංවිධානයේ අනුශාසක සාගර ධනංජය මහතා ‘දිවයින’ට පැවැසීය.

රුපියල් 30කින් ඉන්ධන මිල අඩු කළ ඇති මොහොතක බස් ගාස්තුව අඩු නොකරන්නේ නම් ඉදිරියේදී මගීන් සමඟ පාරට බැස ප්‍රවාහන බලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද හේ කීය.

ඉන්ධන මිල වැඩි කළේ නම් ක්ෂණිකව බස් ගාස්තුව වැඩි කිරීමට බස් සංගම් උත්සාහ ගන්නා බවත් ඉන්ධන මිල අඩු කළ මොහොතේ බස් ගාස්තු අඩු නොකිරීම ගැන කනගාටු වන බවත් හෙතෙම කීය.

තවදුරටත් කතා කළ සාගර ධනංජය මහතා මෙසේද කියා සිටියේය.

“මෙච්චර ඩීසල් මිල අඩු කරපු වෙලාවක බස් ගාස්තු අඩු කරන්න බැහැ කියලා බස් සංගම්, ජාතික ගමනාගමන කොමිසම කෑගහනවා. මේක අහිංසක මගී ජනතාවට ගහපු පා පහරක්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment