කෝටි 16ක රත්‍රං අරන් ඉන්දියාවට උඩින් යන්න ගිය 5ක් මාට්ටු

98

රුපියල් කෝටි 16 ක් පමණ වටිනා රත්තරන් තොගයක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික ගුවන් මගීන් පස් දෙනකු පසුගිය 11 වැනිදා අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ.පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

40 සහ 60 වයස් සීමාවල පසුවන ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනකු සහ 30 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 11දා අලුයම 01.05ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 141 දරන ගුවන් යානයෙන් ඉන්දියාව බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ ඉතා සූක්ෂම ආකාරයට මෙම රත්තරන් තොගය, රන් කැබලි, රන් ජෙල් සහ ස්වර්ණාභරණ ලෙස සකස් කර සඟවා තිබුණි.

කෝටි 16ක රත්‍රං අරන් ඉන්දියාවට උඩින් යන්න ගිය 5ක් මාට්ටු

රන් ජෙල් රත්තරන් බවට පත් කිරීමේ තාක්ෂණය දැනට ඉන්දියාවේ පමණක් ඇති බව මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීහු ප්‍රකාශ කරති.

ඉන්දියාවේ මේ දිනවල ශ්‍රී ලංකාවට වඩා රත්තරන් මිල ඉහළ මට්ටමක පවතින නිසා මෙරට ජාවාරම්කරුවන් මෙසේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට නීති විරෝධී ක්‍රම භාවිත කරමින් රත්තරන් රැගෙන යෑමට ප්‍රයත්න දරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු පවසති.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස්, සමාජ ආරක්ෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment