ජනාධිපති කෙලින් නොසිටියොත් කාබනික ගොවිතැන සමතලා වේවි… රසායනික පොහොර සමාගම් භාවිතයට උසිගන්වනවා!

250

රසායනික පොහොර භාවිතය නවතාලීමට ජනාධිපතිවරයා ගත් විශිෂ්ට තීන්දුව ආපස්සට හැරවීම වෙනුවෙන් පොහොර සමාගම් ගොවියා උසිගන්වමින් සිටින බව සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘‘දිවයින’’ට ඊයේ (21දා) ප‍්‍රකාශ කළහ.

පවතින උද්ඝෝෂණ පිටුපස මෙරට ප‍්‍රමුඛ පෙළේ රසායනික පොහොර සමාගම් සිටින බවත් එම සමාගම් මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දේශපාලන අධිකාරියන් මෙන්ම කෘෂි නිලධාරීන්ද යොදා ගනිමින් රසායනික පොහොර භාවිතය යළි දැඩි කිරීමට ජනාධිපතිවරයා ගත් සෘජු තීන්දුව අභියෝගයට ලක් කරමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙරට කෘෂිකර්මාන්තය අතීතයේ සිට රඳා පැවතියේ කාබනික පොහොර භාවිතය මත බවත් පැවසූ ආනන්ද සාගර හිමියෝ මෙරට සරුපස මෙන්ම ජන ජීවිත ද වකුගඩු රෝගයෙන් භයානක තත්ත්වයකට ඇඳ දැමූ රසායනික පොහොර පිටුපස ගොවියන් දිව යෑම අවාසනාවන්ත තත්ත්වයක් යැයි ද පැවසූහ.

පොහොර සමාගම්වල ඉල්ලීමට ගොවියා පාරට බැස උද්ඝෝෂණයන්ගේ යෙදී සිටිය ද රජය පොරොන්දු වූ පරිදි කාබනික පොහොර ලබා දීමට අපොහොසත් වීම තුළ ගොවි අර්බුදය උග‍්‍රවී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

පවතින තත්ත්වය නිසිලෙස කළමනාකරණය කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයා මේ දක්වා අපොහොසත්ව ඇතිි නිසා ඔහු වහාම තනතුරින් ඉවත් වීම සුදුසු බවද පැවසූ ආනන්ද සාගර හිමියෝ පවතින පොහොර ප‍්‍රශ්නය වෙනුවෙන් ජනපතිවරයා පූර්ණ මැදිහත්වීමක් සිදු නොකළහොත් මෙරට කාබනික ගොවිතැන බිමටම සමතලාවී යනු ඇතැයිද වැඩිදුරටත් කියා සිටියහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment