උපාය මාර්ගික ස්ථානයක් නිසා ශ‍්‍රී ලංකාව සමග සහායෙන් වැඩ… නව ඇමෙරිකා තානාපතිනිය කියයි

355

ශ‍්‍රී ලංකාව අතිශයින්ම වැදගත් උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක ඇති නිසා ශ‍්‍රී ලංකාව සම`ග එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව ක‍්‍රියා කරන බව ශ‍්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජුලි ඩුක් ප‍්‍රකාශ කර ඇත. ඇමෙරිකානු ජනපති ජේා් බයිඩන් මෙරට නව ඇමෙරිකානු තානාපති ලෙස ජුලි ඩුක් පත්කර තිබේ.

ඇය ඇමෙරිකානු විදේශ සබඳතා පිළිබඳ සෙනෙට් කමිටුව හමුවේ ප‍්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කර ඇත.

ජුලි ඩුක් ලබන සතියේ වැඩ භාරගැනීමට නියමිතය. මෙහිදී ඇය තවදුරටත් පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාව සම`ග එක්ව ව්‍යාපාරික කටයුතු කරන ඇමෙරිකානු සමාගම්වලට ඇමෙරිකාව සහය දක්වන බවයි.

ඇය මෙම ප‍්‍රකාශය කළේ යුගදනවි බලාගාරය සම`ග ඇමෙරිකානු සමාගමක් ගිවිසුම් අත්සන් කිරීම ගැන මෙරටින් විරෝධතා එල්ල වී තිබියදීය.

කීර්ති වර්ණකුලසූරිය


 

advertistmentadvertistment
advertistmentadvertistment