කබ්රාල්ට ලලිත් වීරතුංගට යළි නඩුවකට සිතාසි

138

හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26 දා) නියෝග කළේය.

ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දැමීමට යැයි හඟවමින් ඩබ්ලිව්. ආර්. ගෲප් නමින් හඳුන්වාගත් පාර්ශ්වයක් සමග ගිවිසුමක් අත්සන් කර එය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමුකර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඇමෙරිකානු ජාතිකයකු වන ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ඇමෙරිකානු ඩොලර් 6.5ක මුදලක් ගෙවා ඇති බවත් කියමින් තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment