ලබන 1දාට පසු පාස්පෝට් එක දින 3න් අතට

210

ආගමන විගමන පාලක ජනරාල්

දින තුනක් තුළදී විදේශ ගමන් බලපත්‍රය ලබාදීමේ නව ක්‍රමවේදය ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කරයි.

මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන බවත් ඒ අනුව දින තුනක් තුළ නිවසේ සිටම යම් පුද්ගලයකුට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

විදේශ ගමන් බලපත්‍රයක් අපේක්‍ෂා කරන පුද්ගලයකු තමන්ගේ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇඟලි සලකුණ ලබාදී මාර්ගගත ක්‍රමයට හෝ ලංකා බැංකුවට ගෙවීම් සිදුකිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුව මගින් දින තුනකට පසුව ‘කුරියර්’ ක්‍රමය ඔස්සේ අදාළ පුද්ගලයාට විදේශ ගමන් බලපත්‍රය නිවසටම ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු පද්ධතියේ ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා එහි අඅඅගසපපසටර්එසදබගටදඩගකන වෙබ් අඩවියට පිවිසිය හැකි බව ද ඒ මහතා පැවසීය.

වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඉල්ලුම්කරුට අයදුම්පත්‍රය ලබාගත හැකි බවත් දින තුනෙන් හෝ සාමාන්‍ය ක්‍රමයට අනුව සති දෙකක් තුළ හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට තොරතුරු හුවමාරු කරගත හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment