ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක විශේෂ ණයක්

105

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැයට සහාය ලබාදීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඊයේ (29දා) ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් ශ්‍රී ලංකාවට අනුමත කර ඇත.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමකි. මෙම මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා මෙලෙස පවසයි.

“රටේ පවතින ගැඹුරු අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට විශේෂයෙන්ම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට, කාන්තාවන්ට එහි බලපෑම ගැන අප බැංකුව සැලකිලිමත් වෙනවා. ආර්ථික ස්ථායීකරණය, තිරසාර ප්‍රකෘතිමත් වීම සහ සියල්ලන් ඇතුළත් කරගැනීම සඳහා වත්මන් අභියෝගවලට මුහුණ දෙන අතර ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමට ආසියානු සංවර්ධන බැංකුව කැපවී සිටිනවා.”
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment