තිලාන්ට තනතුරක්

378

නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ බංග්ලාදේශ සහ පකිස්තානු සංචාර සඳහා පිතිහරඹ පුහුණුකරුවා ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු විශේෂඥ ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර මහතා පත්කර ඇත.

 නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන සැප්තැම්බර් මස 01 වැනිදා ආරම්භ වන අතර පන්දුවාර 20 තරග 5 කින් යුත් තරගාවලියකට එහිදී නවසීලන්තය සහභාගි වීමට නියමිතය.

 එක්දින තරග 3 කින් සහ පන්දුවාර 20-20 තරග 5 කින් යුත් තරග සංචාරයක් සඳහා නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම සැප්තැම්බර් මස මැදදී පකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.

 ටෙස්ට් තරග 81 ක් වෙනුවෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කර ඇති තිලාන් සමරවීර මහතාව සිය පිතිකරණ උපදේශකයා ලෙස නවසීලන්තයෙන් තෝරාගෙන ඇත්තේ අදාළ බංග්ලාදේශ සහ පකිස්තාන සංචාරයන් සඳහාය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment