Abans සහයෝගීතාවයෙන් OPPO නවතම නිෂ්පාදන මාදිලිය වන A17 ස්මාට් ජංගම දුරකථනය ශ්‍රී ලාංකික වෙළෙඳපොළට

121

OPPO සමග Abans සහයෝගීතාවයෙන් OPPO A Series වලට අයත් නවතම නිෂ්පාදනය වන OPPO A17 ස්මාට් ජංගම දුරකථනය වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. 2023 පෙබරවාරි 01 වන දින Courtyard by Marriott Colombo හෝටලයේ පැවති උත්සවයක දී මෙම හඳුන්වාදීම නිල වශයෙන් සිදු කෙරුණු අතර OPPO නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ සිටින නිල අලෙවි නියෝජිතයා වශයෙන් Abans සමාගම ප්‍රකාශයට පත් වීමද එහිදී සිදු විය. 2015 වසරේ ප්‍රමුඛතම ස්මාට් නිෂ්පාදනයක් වශයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දුන් OPPO ස්මාට් නිෂ්පාදන අති නවීන තාක්‍ෂණික විශේෂාංග වලින් යුත් සුපිරි මාදිලි පෙළකින් සමන්විතයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ස්ථාවර නාමයක් බවට පත් වෙමින් ප්‍රමුඛතම වෙළෙඳනාමක් බවට පත් වීමට OPPO මේ වන විට කටයුතු කරමින් සිටියි.

Abans වෙතින් එන නවතම A17 Series එකට අයත් OPPO ස්මාට් ජංගම දුරකථනය 50MP ප්‍රධාන කැමරාවෙන්ද, දිගුකල් පවතින බැටරියෙන්ද, ColorOS 12.1 Operating System එකෙන්ද සමන්විතයි. Ultra-Slim Retro නිමාවෙන් එන නවතම OPPO A17 ස්මාට් ජංගම දුරකථනය පැතලි සුමට දාරයකින් මෙන්ම සිහින් පෙනුමකින් සමන්විතයි. එමෙන්ම මෙය Lake Blue සහ Midnight Black යන වර්ණයන්ගෙන් සහ Sports Genuine Leather නිමාවෙන් සමන්විතයි. මෙහි බර ආසන්න වශයෙන් 189ට ක් වන අතර ඝනකම 8.29mm ක් වන නිසා ඉතා සැහැල් ලුවෙන් රැගෙන යෑමේ හැකියාව මෙන්ම පහසුවෙන් ක්‍රියා කරවීමේ හැකියාවෙන්ද යුක්තයි. OPPO A17 ස්මාට් ජංගම දුරකථනය 50MP ප්‍රධාන කැමරාවකින් සහ 5MP ඉදිරිපස කැමරාවකින් සමන්විත වන අතර 360x Fill Light, Portrait Retouching, HDR ඇතුළු ඡායාරූප සඳහා වැඩි දියුණු කළ විශේෂාංග රැසකින් සමන්විතයි. එමෙන්ම මෙහි දිගු කල් පවතින 5000mAh බැටරියක්ද දැක ගත හැකි අතර Super Power Saving Mode සහ Super Nighttime Standby වැනි විශේෂාංග නිසා බැටරියේ ආයු කාලය බොහෝ වේලාවක් පවත්වා ගැනීමට උපකාරී වෙයි. මෙම A17 මාදිලිය MediaTek Helio G35 Mobile Platform එකෙන් සවිබල ගැන්වී ඇති අතර CPU එක 2.3GHz දක්වා ඉහළ කාර්යක්‍ෂමතාවයකින් ක්‍රියා කරයි. එමෙන්ම එහි RAM එක අමතරව 4GB දක්වා පුළුල් කළ හැකි අතර SD Card 1TB දක්වා පුළුල් කළ හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment