ලුම්බිණි සහ තර්ස්ටන්ට 19 න් පහළ සම ශූරතාවය

55

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ සම ශූරයන් බවට පත්වීමට කොළඹ තර්ස්ටන් සහ ලුම්බිණි විද්‍යාලය සමත් වූයේය.

අවසන් මහා තරගයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදු වූ අතර ඒ අනුව කණ්ඩායම් 2 සම ශූරයන් ලෙසින් නම් කෙරිණි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලුම්බිණි කණ්ඩායම ලකුණු 178 ක් ලබා ගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක් හඹා යෑමට පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයන්ට අයහපත් කාලගුණ තත්ත්වය මත ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 11කට පමණයි.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් පහත දැක්වේ.

ලුම්බිණි විද්‍යාලය: සහන් කෞෂල්‍ය (නායක), නබීල් රාජුඩීන්, ගිහාන් ලක්ෂිත, අශාන් ශානිල්ක, දිනිත ප්‍රභාංක, ප්‍රවීන් මනීෂ, ඉශාත් ඩිල්ශාන් (කඩුලු රකින්නා), දුමිඳු සෙව්මිණ, පසිඳු මහීෂ, වයි. එස්. ලියනගේ, උෂාන් සත්සර.

තර්ස්ටන් විද්‍යාලය: ඩිනාල් ඉඳුවර, නවිඳු ප්‍රනාන්දු, තනුජ රාජපක්ෂ, ශානික්‍ය දේශප්‍රිය (කඩුලු රකින්නා) විහස් තෙව්මික, තනුග පලිහවඩන, ටලීෂ නානායක්කාර, යොවුන් සිල්ප, සෙත්රු ප්‍රනාන්දු, විශ්ව ධනංජය, මුලිත ද කොස්තා.

advertistmentadvertistment
advertistmentadvertistment