ඉබ්‍රාහිම් පිය පුතුන්ට එරෙහි පාස්කු නඩුව ජුනි 16දා විභාගයට

73

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019 අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට දැනුවත්ව සිටියදීත් ඒ බව පොලිසියට නොදැන්වීම ඇතුළු චෝදනා යටතේ එලෙස මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා හා සහෝදරයන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන ජූලි 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහාත ඊයේ (21 දා) දින නියම කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් තිදෙනකුට පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පෙනී සිටි අතර නීතිඥ නිරෝෂණ සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. මොහොමඩ් යූෂුප් මොහොමඩ් ඉබ්‍රාහිම්, මොහොමඩ් ස්මයිල් ඉබ්‍රාහිම් හා මොහොමඩ් ඉජාස් අහමඩ් යන පිය පුතුන්ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment