නැව මඟ එනවා: ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන්න – බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්

312

ඩීසල් නැවක් පැමිණෙන තෙක් රටේ ඇති ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තෙල් සංස්ථා ගබඩාවල ඩීසල් මෙටි්‍රක් ටොන් 17,000ක් පමණ ඊයේ (06දා) පැවැති බවත් තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 05 බැගින් ඉන්දියන් ඔයිල් සමාගමෙන් සහ හම්බන්තොට චීන වරායට අයත් ගබඩාවලින් ලබාගැනීමට ඊයේ (06දා) කටයුතු කරමින් සිටි බවත් පතිරණ මහතා කීය.

ලබන බදාදා (11දා) ඉන්දීය ණය ආධාර යටතේ මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් ඩීසල් නැව පැමිණෙනතෙක් පවතින ඩීසල් තොග සීමා කරමින් බෙදාහරින බවත් ඒ මහතා කීය.

රටේ පෙට්‍රල් හිඟයක් නොමැති බවත් සංස්ථාව සතුව පවතින පෙට්‍රල් තොග දිනකට මෙටි්‍රක් ටොන් 4000 බැගින් බෙදා හරිමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment