එංගලන්ත ලයන්ස් ශ්‍රී ලංකා “ඒ” තීරණාත්මක තරගය අද

152

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ තීරණාත්මක තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගය අද (21 වැනිදා ) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

මෙතෙක් පැවැති තරග 2 න් දෙපිලම ජයග්‍රහණ 1 බැගින් වාර්තා කරගෙන සිටින හෙයින් අද තරගය ජය ගනු ලබන කණ්ඩායම තරගාවලියේ ශූරයින් බවට පත් වේ.

පළමු සහ දෙවැනි නිල නොවන එක්දින තරග සඳහා සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කෙරුණු හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානය සඳහා අද තරගයේ දී වෙනත් ක්‍රීඩකයකු ආදේශ නොකිරීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත.

මැතිව්ස් නවසීලන්ත සංචාරය ඉලක්ක කර මේ දිනවල රදැල්ලේ දී පැවැත්වෙන පුහුණු සැසිය සඳහා සහභාගි වීමට නියමිතය.

ඒ අනුව දෙවැනි තරගය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමෙන් මැතිව්ස් ඉවත්වීම මත අද (21 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක එක්දින තරගය සදහා ඉතිරි 14 දෙනාගෙන් යුතු කණ්ඩායම ඉදිරිපත් කිරීමට තේරීම්වලදී තීරණය ගෙන තිබේ. මෙම තරගාවලියට පෙර ගාල්ලේ පැවැති තරග 2 කින් සමන්විත සිව්දින

තරගාවලියද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වැඩි ගෞරව හිමි වෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – සදීර සමරවික්‍රම (නායක), ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, සුමින්ද ලක්ෂාන්, කවිශ්ක අංජුල, ඉසිත විජේසුන්දර, දුශාන් හේමන්ත, අම්ෂි ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment