සිගප්පූරු අධිකරණයකදී එක්ස්ප්‍රස් පර්ල් නැවට ශ්‍රී ලංකාව නඩු දමයි

196

කොළඹ වරායට ආසන්න මුහුදේ දී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීම නිසා ඊට එරෙහිව සිංගප්පූරු බෙදුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ගණනය කළ නොහැකි හානියක් මෙයින් සිදුවී ඇතත් යම් සීමාවකට අදාළව වන්දි මුදල තීන්දු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉකුත් සතියේ නීතිපති සංජය රාජරත්නම් මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර වන්දි අයකර ගැනීමට අදාළව වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් සතියේ ද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන් සමග දීර්ඝව සාකච්ඡා කර තිබේ.

සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවරීමට අදාළව කැබිනට් පත්‍රිකාවදක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අධිකරණ ඇමැතිවරයාට උපදෙස් දී තිබේ. ඒ අනුව හැකි ඉක්මනින් කැබිනට් පත්‍රිකාව යොමු කර නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන්ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment