වනිඳු ලකුණු 5ට කඩුලු 3 යි

131

මාස හයකට පසුව ජගත් පිටියට ප්‍රවේශ වූ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (11 වැනිදා) පැවැති තරගයේ සිය පළමු පන්දු වාර දෙක තුළදී ලකුණු 05 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේය.

දෙරට අතර තරග 03කින් යුත් එම එක්දින තරගාවලියේ අවසාන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම මත දෙවන වරටත් තරගය නතර කරන විට වනිඳු එම දස්කම ප්‍රදර්ශනය කර තිබුණි.

ඒ වනවිට සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 11.5 කට මුහුණ දී කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා ගෙන සිටියේය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ දැවී ගිය කඩුලු තුනටම හිමිකරුවා වූ වනිඳු සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් ගේ කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය.

දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට වනිඳු හසරංග සහ ෂෙවෝන් ඩැනියෙල් ඊයේ තරගයට එක් වූ අතර එම තරගය ඩැනියෙල් ගේ මංගල ජාත්‍යන්තර එක්දින තරගය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment