මෝහන ප්‍රතිකාරයේදී යෝජනා ප්‍රකාශ කිරීම

369

ප‍්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වන කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව හා විශ්වශක්ති ප‍්‍රතිකාර ගැන සුවිශේෂී අත්දැකීම් ඇත්තෙකි. ආධ්‍යාත්මික උපදේශක වරයෙක්ද වන ඔහු ස්වාභාවික විශ්වශක්ති ප‍්‍රතිකාර කරයි. නවීනතම ත‍්‍රිමාණ ඕරා ස්කෑනර් යන්ත‍්‍ර ඔහු සතුව ඇති අතර රේකී මාස්ටර් කෙනෙක් හා ප‍්‍රානික් හීලර් කෙනෙක් හැටියටද සුප‍්‍රකට මෝහනවේදියකු ලෙසද සහතික ලබා ඇත.

කෙනෙකුට මෝහන ප‍්‍රතිකාරයක් කිරීමේදී යෝජනා ප‍්‍රකාශ කිරීම ඉතාමත්ම වැදගත් ක‍්‍රියාවකි. මේ යෝජනා සාමාන්‍ය තත්ත්වයන් යටතේදී කළත් ඒවා ග‍්‍රහණය නොවන්නේ එම යෝජනා උඩුසිත මගින් පමණක් ඇසෙන නිසාය, අපේ උඩුසිතට මෙවැනි දේවල් ගබඩා කරගන්නට හැකියාවක් නැත. ඒවා දකුණු කනෙන් අසා වම් කනෙන් පිටවන තරමේ සුළු ක‍්‍රියාවකි. නමුත් යමෙකු මොලයේ ඩෙල්ටා අවස්ථාවේ තරංග ක‍්‍රියාකරන අවස්ථාවට පත්වූවිට ඒ ලබාදෙන යෝජනා යටිසිත විසින් ග‍්‍රහණය කොට මතක ගබඩාවේ තැන්පත් කෙරේ. ඒනිසා එතැන් සිට පුද්ගලයාගෙ මානසික ක‍්‍රියාවන් පාලනය කෙරෙන්නේ ඒ වැඩසටහන් කරන ලද යෝජනා අනුවය.

 කෙනෙකුව මෝහනයට පත්වූ පසුව ඔහුගේ උඩුසිත නොව යටිසිත අනුව ඔහු ක‍්‍රියාකරයි. උඩුසිතට යම් දෙයක් සඟවා හෙළි නොකර ඉන්නට හැකියාවක් ඇතත් යටිසිත එසේ නොවේ, ඒනිසා යටිසිත අවදි කරගත් විට අදාළ අය තමාගේ තත්ත්වය හෙළිකිරීමට පසුබට නොවේ. මා මේ ගැන ලැබූ අත්දැකීමක් හෙළි කරන්නම්. එක්තරා විවාහක කාන්තාවකට තම සැමියා පිළිබඳව බලවත් සැකයක් විය. ඔහු විසින් ඇයට හොඳින් නොසලකන බවක් මෙන්ම තමා සාදන කෑම ඔහු විසින් ප‍්‍රතික්ෂේප කරන බවක් ඇය කියා සිටියා. රැකියාවක නියුතු ඔහුට උදේ ආහාරය පිටින් ලබාගන්නා අතර කාර්යාලයේදී දිවා අහාරය කිසියම් කාන්තාවක් විසින් පිළියෙල කොට ගෙනෙන බවත් ඔහු ඒවායේ රසවත්බව පිළිබඳව ඈ සමග පවසන බවත් රාත‍්‍රීයට ගෙදර පැමිණියත් එසේ පැමිණෙනවිට කඩවල්වලින් කෑම ගෙනවිත් කන බවත් ඇය කියා සිටියාය. ඉහත කී කාර්යාල මිතුරිය සමග වඩාත් හිතවත්කමක් ඇති නිසාත් අනියම් සම්බන්ධයක් පිළිබඳව සැකයක් ද ඈට තිබිණ.

 මීළඟ දිනයේ තම සැමියා ද කැටුව එන ලෙස මා දැන්වූ අතර දෙවැනි දිනයේ ඔහු ද මා හමුවෙන්නට පැමිණියේය. මා ඔහුව මෝහන නිද්‍රාවකට පත් කළේ පවුලේ ඇති මේ ගැටලූවලට විසඳුමක් ලබාදෙන්නට ඇති හැකියාව පිළිබඳව මා ඔහුට දැන්වීමෙනි. ඔහු ද මීට එකඟ වූයේ මේ ප‍්‍රශ්නය ඔහුට ද බලපා තිබූ නිසාය, බිරිඳට පොඞ්ඩක් එහාට වෙලා ඉන්න කියා මා ඔහුව මෝහනය කළ අතර, ඔහුට ඇති ප‍්‍රශ්නය වී ඇත්තේ ගෙදර පදිංචි වී ඉන්නා ඔහුගේ නැන්දම්මා විසින් කුස්සියේ බලය නතුකරගෙන සිටින බවකි. තමන්ගේ බිරිඳට ගෙදර ඉහුම් පිහුම් කරන්නට නැන්දම්මා ඉඩ නොදෙන බවත් ඇය ඉතාම අපිරිසිදුව ඉන්නා වියපත් කාන්තාවක් බවත් ඇය උයන කෑම බල්ලෙකුටවත් කන්නට බැරි බවත් ඔහු කීවේය. ඇය සියලූම ආහාර පිසින්නෙ කිරට බවත් තෙලට හා මිරිසට කෑම කන්නට ඔහු ප‍්‍රියකරන බවත් කීවේය, ඒනිසා ගෙදර උයන කෑම ඔහුට අප‍්‍රිය බවත් ඔහු කීවේය,

මීළඟට මා ඔහුට යොමු කළේ කාර්යාල මිතුරිය ගැනයි. ඇය නිතිපතා ඔහුට කෑම පාර්සලයක් රැගෙන එන බවත් විවාහක ඇය තමාගේ සැමියාද දැනුවත්කර මේ වැඬේ කරන බවත් අගහිඟකම්වලින් පෙලෙන ඇයට මාසිකව කෑම පාර්සල් ගාණට සරිලන මුදලක් වැටුප් ගන්නා දිනයේදී ගෙවන බවත් ඔහු හෙළි කළේය. එසේම ඇය ඉතාමත් රසවත් ලෙස තෙලට හා මිරිසට කෑම උයාගෙන එන බවත් වෙනත් කිසිම සම්බන්ධයක් ඈ සමග නැති බවත් ඔහු ප‍්‍රකාශ කළේය. මේ කතාව බිරිඳට ඇසෙන්නට මා ඉඩක් ලබාදුනි. කඩවලින් ගන්නා කෑමවල ඇති අහිතකරබව මා යෝජනාවක් හැටියට ඔහුට ලබාදුනි. එසේම තමාගේ පවුලත් එක්ක එකට වාඩිවී කෑම කනවිට ඇතිවන සමගිය ගැන යෝජනාවක් ඔහුට යොමු කළෙමි. නැන්දම්මා වෙනුවට බිරිඳ කෑම පිසින්නේ නම් යහපත්බව ඔහු පිළිගත්තේය. කිරට හා මිරිසට උයාදෙන්නේ නම් ගෙදරින් දිවා ආහාරය ගෙනයන්නට තමා කැමති බවත් ඉහු ප‍්‍රකාශ කළේ. දිවා ආහාරයට මිතුරියට වඩා වැඩි මුදලක් ගෙවන්නට සිදුවී ඇති නිසාය.

මෝහන ප්‍රතිකාරයේදී යෝජනා ප්‍රකාශ කිරීම

ඉන්පසුව බිරිඳව මෝහනය කළ අතර ඇයට තිබූ ගැටලූව පාන්දර 4 ට පමණ අවදිවීමට තිබූ අකමැත්තයි, මේනිසා සැමියාගේ බත්පත තම මෑණියන් සාදන බව ඇය කීවාය. තම සැමියා කීපවිටක්ම මේ ගැන කීවත් ඇගේ කම්මැලිකම නිසා මෙය ගණන් නොගෙනම සිට ඇත. මා ඇයට කළ යෝජනාව පාන්දරින්ම නැගිටීම නිසා ඇතිවන ශාරීරික ප‍්‍රබෝධය ගැනයි. වෙනත් කාන්තාවක් උයන කෑම කන සැමියා ඔබ විසින් තෙලට හා මිරිසට උයාදෙන කෑම කෑමෙන් ඔබට ඔබේ පවුල් ජීවිතය ශක්තිමත් කරගැනීමට ලැබෙන බව මා යෝජනාවක් ලෙස ඇයට ලබාදුනි. ඇයගේ යටිසිත තිබුණේ පාන්දර අවදිවීමට තිබූ අකමැත්තයි. මා යෝජනාවක් ලෙස ඇගේ යටිසිතට මෙය දැම්මෙමි.

 මේ යෝජනා ඔවුන්ගේ උඩුසිත්වලට යොමු කළා නම් ඔවුන් ඒවා ගණන් නොගෙන සිටිනු ඇත. නමුත් යටිසිතට ඇතුල් කරන යෝජනා නිතරම උඩුසිතට යොමු කරයි. ඒවා ක‍්‍රියාත්මක කරයි, ඉන්පසුව අලූයම අවදිවීම ඇගේ දිනචරියාවේ අනිවාර්ය කොටසක් විය. සැමියාට ලබාදුන් යෝජනාද එසේය. පිටින් කන කෑමවලට වඩා සෞඛ්‍ය ආරක්ෂාවක් ගෙදරින් ලැබෙන බවත් රසට කන්නට පමණක් නොව පිරිසිදුව කන්නටත් හැකියාවක් ඇති බවට ඔහුගේ යටිසිත නිතරම ඔහුට ප‍්‍රකාශ කරයි. මෝහනයේදී යෝජනා ප‍්‍රකාශ කිරීමේ ඇති වැදගත්කම මේ තුළින් පසක්වනු ඇත. පවුලක් කැඞී වෙන්වීයෑම හා පවුලේ අසමගිය දුරුකිරීමේ හැකියාව මේ නිසා ඇති විය. තවත් මෙවැනි ගැටලූ බොහොමයක් මෝහන ප‍්‍රතිකාරයෙන් විසඳිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment