එජාපය යළි පණගැන්වීම ඔන්ලයින් ක‍්‍රමයට

407

එක්සත් ජාතික පක්‍ෂය සිය 75 වැනි සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් මස 06 වැනිදා සිට ඔන්ලයින් ක‍්‍රමයට පක්‍ෂ යාන්ත‍්‍රණය නැවත බල

 ගැන්වීමට ක‍්‍රියාකරන බව එහි මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

 ඒ අනුව සූම් තාක්‍ෂණය ඔස්සේ පක්‍ෂ ප‍්‍රතිසංවිධානය කිරීම, සාකච්ඡුා සහ සම්මන්ත‍්‍රණ පැවැත්වීමටද තීරණය කළ බව ඒ මහතා කීවේය.

 ඊට අමතරව පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඔන්ලයින් ක‍්‍රමවේදය යටතේ සූම් තාක්‍ෂණය මගින් පැවැත්වීමට ද තීරණය කර ඇත. මේ අතර පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් කිරීම සඳහා සෑම දිස්ත‍්‍රික්කයකටම පක්‍ෂය විසින් කමිටු පත් කිරීමටත්, පක්‍ෂයට අලූත් මුහුණු හඳුන්වාදීමටත් තීරණය කළ බව එජාප මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙර්රා

advertistmentadvertistment
advertistmentadvertistment