පී‍්‍රතිපුර මුහුදේදී දියවැලකට හසුවූ පාසල් සිසුහු දෙදෙනා මරුට

180

* මුහුදේ පාවෙමින් තිබූ කොට කෑල්ලක් අල්ලා ගැනීමට උත්සාහ ගත්තත් ඔවුන් මුහුදේ නොපෙනී ගියා

* එකට දිය නෑ මිතුරන් පොලිසියට කියයි


වත්තල, උස්වැටකෙයියාව පී‍්‍රතිපුර මුහුදේ 12 වැනිදා සවස දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනකු අතරින් දෙදෙනකු මුහුදේ ගිලී මිය ගොස් ඇති බවත් ඔවුන් දෙදෙදෙනාගේම සිරුරු ඊයේ (13 දා* පී‍්‍රතිපුර වෙරළට ගොඩ ගසා තිබියදී හමුවූ බවත් වත්තල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මහර ජනාධිපති මහ විදුහලේ 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දරුවන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස දියේ ගිලි

මියගොස් ඇත්තේ එකම විදුහලේ එකම පන්තියේ සිසුන් දෙදෙනකු වන එෙඬ්රමුල්ල තේවත්ත ප‍්‍රදේශයේ පදිංචි ගොඩකණ්කානම්ලාගේ රුවින්ද පුන්සර සහ යාපා මුදියන්සේලාගේ සන්චික සඳකැලූම් කුමාර යන සිසු දරුවන් බවට අනාවරණය වී ඇති බව වත්තල පොලිසිය පවසයි.

තමන් පැයක පමණ කාලයක් දියේ කෙළිදෙලෙන් සිටි අවස්ථාවේ හිටි අඩියේ පැමිණි දිය පහරකට අසුව තම යහලූවන් දෙදෙනා යටගිය බවත් යළි උඩට පැමිණි ඔවුන් මුහුදේ පාවෙමින් තිබූ කොට කැල්ලක අල්ලා ගැනීමට උත්සාහ ගත්තත් මොහතකින් ඔවුන් නොපෙනී ගිය බවත් එම අවස්ථාවේ මියගිය සිසුන් දෙදෙනා සමග සිටි අනෙක් සිසුන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත හැකිවු බවද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ පී‍්‍රතිපුර මුහුදේ දියනෑමට තම දරුවන් ගොස් ඇත්තේ තමන්ගෙන් කිසිම අවසරයක් නොගෙන කිසිවෙකුටත් නොදන්වා හොර රහසේ බවය.

මේ වන විට මියගිය දෙදෙනාගේ මෘතශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට ගෙන ගෙස් ඇත.

වත්තල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් මහතාගේ මෙහෙයවීම මත වත්තල පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බී. ටී. කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment