ද්විත්ව පුරවැසි මැති ඇමැතීන්ට කට්ටි පනින්න ඉඩක් නෑ – විජයදාස රාජපක්‍ෂ

272

ද්විත්ව පුරවැසි මැති ඇමැතිවරුන්ට කිසිම විටක කට්ටි පැනීමට ඉඩක් නොලැබෙන බව අධිකරණ හා පුනරුත්ථාපන කටයුතු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (25 දා) පැවසීය.

ද්විත්ව පුරවැසිභාවය ඇති මැති ඇමැතිවරුන් පිළිබඳව තොරතුරක් වෙතොත් ජනතාවට ඒ පිළිබඳව දැනුම්දීමට හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙවැනි මැති ඇමැතිවරුන් පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු දක්වන බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය හිමි මැති ඇමැතිවරුන් පිළිබඳව මීට පෙර ජනතාව ලබාදුන් තොරතුරු අනුව ඇතැමුන් එම පුරවැසිභාවය අහෝසි කරගත් බවයි.

ද්විත්ව පුරවැසිභාවය හිමි මැති ඇමැතිවරුන් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේම අනාවරණය කිරීම ඉතා වැදගත් යැයිද ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment