සයිනොපෙක් අඩුවට විකුණද්දී සංස්ථාව සහ IOC වැඩි මිලට තෙල් දීම අසාධාරණයි – ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම්

136

චීනයේ සයිනොපෙක් ආයතනය අඩු මිලට ඉන්ධන අලෙවි කරන විට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම ඉතාම අසාධාරණ යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා ‘දිවයින’ට ඊයේ (10දා) පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම චීන සමාගමට වඩා පෙට්‍රල් රුපියල් 7කට ද අනෙකුත් ඉන්ධන රුපියල් 03කට ද වැඩි මිලකට අලෙවි කිරීම නිසා මහජනතාව සූරා කෑමට ලක්වන බවත් එයට එරෙහිව ගතහැකි පියවර සම්බන්ධයෙන් තම සංගමය සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු කීය.

මේ සම්බන්ධව කටයුතු කළ නොහැකි බව පාරිභෝගික අධිකාරිය පවසන බවත්, ඛනිජ තෙල් සම්බන්ධයෙන් නියාමන කොමිසමක් පිහිටුවා නොමැති නිසා එයට එරෙහිව කටයුතු කළ නොහැකි බව ඔවුන් පවසන බවත් ඒ මහතා කියයි. නියාමන කොමිසමක් පත්කරන බව ආණ්ඩුව කලක සිට ප්‍රකාශ කළත් එය මෙතෙක් ඉටු නොකරන්නේ ඇයි දැයි හෙළිකරන ලෙසත් නාඔටුන්න මහතා රජයෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment