ඇමෙරිකාව සංචාරකයන්ට කොවිඩ් නීති ලිහිල් කරයි

143

ඇමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට කොවිඩ් 19 සම්බන්ධ පරීක්‍ෂණ සිදුකිරීම ඊයේ (12 දා) සිට ඉවත් කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

 ඒ අනුව ඇමෙරිකාවට පැමිණීමට දිනකට පෙර සිදුකරන කොවිඩ් ආසාදිත වී නොමැති බවට කරන පරීක්‍ෂණය ඉවත් කර තිබේ. ජනාධිපති ජෝ බයිඩන්ගේ රජයේ පරිපාලනය මේ සම්බන්ධව ප්‍රකාශ කළේ කොවිඩ් වෛරසය සම්බන්ධව පැවති සීමා ඉවත් කිරීමට කාලය එළඹ ඇති බවයි.

 මෙම කොවිඩ් සීමාවන් ඉවත් කිරීම විද්‍යාව සහ දත්ත මත පදනම්ව සිදුකිරීමට ගත් තීරණයක් බව ද එරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කළේය.

 මෙම තීරණය නැවත දින 90 කින් ඇගයීමක් සිදුකරන බවත් ඒ අනුව ඉදිරි තීරණ ගනු ලබන බවත් එම නිලධාරියා පැවසීය.

 ඇමෙරිකාවේ ගුවන් සේවා ආයතන සහ සංචාරක කර්මාන්තකරුවෝ කොවිඩ් සම්බන්ධව පනවා ඇති සංචාරක සීමාවන් ඉවත් කරන ලෙස ද රජයෙන් ඉල්ලා තිබිණි.

 සංචාරකයන් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විට ඔවුන් අධෛර්වත් නොකරන ලෙස ද ඔවුහු ඇමෙරිකානු රජයට පවසා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment